මෙම පිටුව සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකාවාසී මුද්‍රිත ආබාධ සහිත පුද්ගලයින් සඳහා ශ්‍රව්‍ය, ඊ-පෙළ සහ බ්‍රේල් වැනි විකල්ප ආකෘතිවලින් පොත්, වාර ප්‍රකාශන සහ විද්‍යුත් සඟරා වෙත ප්‍රවේශය ලබා දීම සඳහා ය. මෙය සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. ඊට දායක වන ආයතන අතර
- ශ්‍රී ලංකා අන්ධජන සේවා මණ්ඩලය (SLCB)
- ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ජනතා සම්මේලනය (SLFVH)
- ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ මණ්ඩලය (SLCVIG)
- ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ජාතික සම්මේලනය (SLNFVH)
- ඇක්සස් ටු සක්සස් ආයතනය
- කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ පේරාදේණිය විශ්වවිද්‍යාලයීය ආබාධසහිත සිසුන් සඳහා වන සහාය මධ්‍යස්ථාන සහ
- ඩේසි ලංකා පදනම (ඩීඑල්එෆ්).
වෙති.
ශ්‍රී ලංකාවේ මුද්‍රිත ආබාධිත පුද්ගලයින්ට මෙම මහාර්ඝ සේවාව ලබා දීම සඳහා අප සමග ඒකාබද්ධව කටයුතු කරන අපගේ සාමාජික සංවිධාන ආයතනවලට ඔවුන්ගේ එම කැපවීම පිළිබඳව අපි කෘතඥ වන්නෙමු. මෙම පුස්තකාලයේ සේවාවන් ලබා ගැනීම සඳහා ඔබ
- මුද්‍රණ ආබාධ සහිත පුද්ගලයෙකු වීම, සහ
- අපගේ ඩේසි පුස්තකාලයේ සාමාජිකත්වය ලබා තිබීම
අනිවාර්ය වන බව කරුණාවෙන් සලකන්න.
ඔබට අපගේ ග්‍රන්ථ නාමාවලිය
- සම්පූර්ණ ලැයිස්තුව ලෙස හෝ
- විෂයයන් අනුව වර්ග කරන ලද ලැයිස්තු ලෙස
පරිශීලනය කළ හැකි ය.