Press "Enter" to skip to content

අප ගැන

ඩේසි ලංකා පදනම යනු, මුද්‍රිත මාධ්‍යයන්ගෙන් සපයා ඇති දැනුම විකල්ප ආකෘතීන්ගෙන් ලබා ගැනීමට පහසුකම් සැලස්වීම මගින් මුද්‍රිත ආබාධ සහිත පුද්ගලයින් පූර්ණ ආර්ථික, අධ්‍යාපනික, සංස්කෘතික, වෘත්තීය හා සමාජීය වශයෙන් බලගැන්වීම හා ඒකාබද්ධ කිරීම සඳහා ක්‍රියා කරන සංවිධානයකි. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා, දැනට වසර 16ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ භාෂාවලින් මුද්‍රිත තොරතුරු ඩිජිටල් ආකෘතියෙන් ප්‍රතිනිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම, වාණිජ පරමාර්ථයන්ගෙන් තොරව අපි සිදු කරමින් සිටින්නෙමු.
එසේම, ශ්‍රී ලංකාව තුළ මෙම කාර්යය ක්‍රියාත්මක කිරීම, සම්බන්ධීකරණය හා නියාමනය වෙනුවෙන් ජාත්‍යන්තර ඩේසි සුසන්දානයේ දේශීය පාර්ශවකාර ආයතනය ලෙස ද, ලෝක බුද්ධිමය දේපල හිමිකම් සංවිධානය යටතේ ක්‍රියාත්මක වන ‘ප්‍රවේශ-ග්‍රන්ථ සුසන්දානය’ මගින් ක්‍රියාත්මක කෙරෙන ගෝලීය ප්‍රවේශ-ග්‍රන්ථ හුවමාරු වැඩසටහනේ ලාංකීය බලය ලත් ආයතනය ලෙස ද අපි කටයුතු කරන්නෙමු. මේ සෑම ක්‍රියාකාරකමක් තුළ දී ම, අපගේ කේන්ද්‍රීය අවධානය මුද්‍රිත ආබාධිත ප්‍රජාවේ මානව ඓතීන් හා නෛසර්ගික ගෞරවය ආරක්ෂා කිරීම පිණිස යොමු වී ඇත.