මුද්‍රිත මාධ්‍යයෙන් දැනටමත් පළ වී ඇති, මිලියන ගණනක් වන පොත්පත් ආබාධසහිත පුද්ගලයින්ට පරිශීලනය කළ හැකි ආකෘතිවලින් ප්‍රතිනිෂ්පාදනය කිරීම සහ පහසු හා සුරක්ෂිත බෙදාහැරීමේ වේදිකාවක් පවත්වා ගැනීම සඳහා විශාල භෞතික, මානව හා මූල්‍ය සම්පත් ආයෝජනයක් අවශ්‍ය වේ. ලාභ නොලබන ආයතනයක් වශයෙන්, අප ක්‍රියාත්මක වන්නේ දුෂ්කර මූල්‍ය හා සීමිත මානව සම්පත් යටතේ වන අතර, අපගේ කටයුතු මුළුමනින්ම රඳා පවතින්නේ පෞද්ගලික / රාජ්‍ය ආයතනවල ප්‍රදානයන් සහ පුණ්‍යායතන / පරිත්‍යාගශීලීන්ගේ දායකත්වයන් මත ය. ඉතාම වටිනා කාර්යයකට උරදී සිටින අපගේ මෙහෙවර අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා, අපට සහය වන මෙන්, ශ්‍රී ලංකාවාසී හා ලෝකයේ වෙනත් රටවල ජීවත්වන දයාර්ධ ඔබගෙන් අපි ඉල්ලා සිටිමු. ඔබගේ සුළු පරිත්‍යාගයකින් අපගේ ක්‍රියාකාරකම් බොහෝ දුරක් ඉදිරියට ගෙන යනු ඇත. අපගේ බැංකු ගිණුමේ තොරතුරු පහත දැක්වේ.
- ගිණුමේ නම
- ඩේසි ලංකා පදනම
ගිණුම් අංකය - 75862151
බැංකුව - ලංකා බැංකුව
ශාඛාව - තිම්බිරිගස්යාය (512)