මිලියන සංඛ්‍යාත අපේ ම ජනතාවක් පොත්, වාර ප්‍රකාශන වැනි කිසිඳු මුද්‍රිත ප්රකාශනයක් කියවා ගැනීමට නොහැකිව, අසරණව සිටින බව ඔබ දන්නවා ද? මෙම බරපතල අවාසි සහගත තත්වයට ඍජුව ම මුහුණපා සිටින පුද්ගලයින් අතර, අන්ධ / දෘශ්‍යාබාධිත පුද්ගලයින්, ඉගෙනුම් දුෂ්කරතා සහිත පුද්ගලයින් සහ මනසේ හෝ එක් අතක/දෑතෙහිම සීමිත ක්‍රියාකාරිත්වය හේතුවෙන් මුද්‍රිත පොතක් අල්වා රඳවා ගැනීමට හෝ පිටු පෙරළීමට නොහැකි පුද්ගලයින් ද ඇතුළත් වේ. ශ්‍රී ලංකා සමාජය වේගයෙන් වයස්ගත වීම අත්විඳිමින් සිටින බැවින්, මෙම ප්‍රජාව නිරන්තරයෙන් පුළුල් වෙමින් පවතී. දැනට අප රට තුළ පවතින ප්‍රකාශනවලින් මෙම ප්‍රජාවට භාවිතා කළ හැකි බ්‍රේල්, ශ්‍රව්‍ය, විශාලනය කළ මුද්‍රණ අක්ෂර වැනි ආකෘති වලින් සකස් කර ඇත්තේ 0.2%කටත් වඩා අඩු ප්‍රමානයක් වන අතර, 99% කට වඩා අතිවිශාල දැනුම් සම්භාරයකට ප්‍රවේශ වීමේ අවකාශය මේ පිරිසට අවහිර වී ඇත. අවාසනාවකට මෙන්, මන්දගාමී ප්රතිනිෂ්පාදන ක්‍රියාවලිය සහ වෙනත් බොහෝ කරුණු හේතුවෙන් මෙම විෂමතාවය සෑම වසරකම පුළුල් වෙමින් පවතී.
මෙම ‘දැනුම් සාගතය’ අවසන් කිරීම සඳහා, මුද්‍රිත ප්‍රකාශන විකල්ප ආකෘතිවලින් කඩිනමින් නිපදවීම හා විශ්වාසදායි පුස්තකාල ක්‍රමවේදයක් හරහා බෙදා හැරීම අනිවාර්යයෙන් ම සිදු කළ යුතුය. සමාජ සාධාරණත්වය සහ මානව හිමිකම් සුසමාදර්ශය මත පිහිටමින්, ඩේසි ලංකා පදනම (ඩීඑල්එෆ්) වන අපි
- සියල්ලන් සඳහා ප්රකාශනය ප්‍රවර්ධනය කිරීම
- ප්රතිනිෂ්පාදන ක්‍රියාවළියට ප්රමිතීන් / මාර්ගෝපදේශ සකස් කිරීම සහ
- එසේ ප්රතිනිෂ්පාදනය කළ ප්‍රකාශන සඳහා ශ්‍රී ලංකාව තුළ සාධාරණ බෙදාහැරීමේ වේදිකාවක් සඳහා පහසුකම් සැලස්වීම
සිදු කරන්නෙමු.
අපගේ මෙහෙවර
ශ්‍රී ලංකාවේ ප්‍රකාශන ආයතන, තාක්ෂණ හා ප්‍රමිති ආයතන සහ රජය සමඟ සහයෝගයෙන්, මුද්‍රිත ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රවේශ විය හැකි ප්‍රකාශන ප්රතිනිෂ්පාදනය කිරීම සහ දැනුමට සමාන ප්‍රවේශයක් සඳහා පහසුකම් සංවර්ධනය කිරීම.
අපගේ දැක්ම:
දැනුමට බාධක නොමැති රටක්, දැයක්.